සයුරු පතුලේ අභිරහස් ලෝකය

සාගරයේ අප නොදත් තොරතුරු රැසක් තවමත් සැඟව ඇත. සාගර විද්‍යාඥයින් අද වන තුරුත් අධ්‍යයනය කර ඇත්තේ මීටර් 11 000 ක් තරම් ගැඹුරක් පමණි. එමෙන්ම සාගරයෙන් 90%ක්ම ගැඹුරු මුහුද ලෙස පවතී. ගොඩබිම වෙසෙන සත්වයන් වන අපට සාගරය විචිත්‍රවත් අයුරින් දර්ශනය වුවද, එම වර්ණයත් බව පවතිනුයේ උපරිම මීටර් 200 ක් තරම් ගැඹුරක් දක්වායි. ඒ ප්‍රභාසංස්ලේෂණය සිදුවන කලාපය පමණකි. සූර්ය රශ්මිය ප්‍රභාසංස්ලේෂණයෙහි ලා අත්‍යවශ්‍ය සාධකයක් වන අතර මීටර් 200 ක් පමණ මැනවින් හිරු කිරණ ජල තලය හරහා විනිවිද යයි. එතැන් සිට මීටර් 1000 ක් දක්වා සූර්ය කිරණ ඉතා යන්තමින් ලැබේ. මෙම කොටස “සන්ධ්‍යා කලාපය” ලෙසත් එතැනින් පහලට ගැඹුරු මුහුද දැඩි අඳුරු ස්වරූපයක් ගනී. එම මීටර් 1000ට වඩා වැඩි ගැඹුරු කලාපය පෘථිවි පෘෂ්ටයෙන් 60% ක් බව සොයාගෙන ඇත.


සාගර විද්‍යාඥයින් සයුර ජීවය පැවතිය හැකි ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇත. ඒ පෙලැජික් කලාපය (pelagic zone) හා බෙන්තික කලාපය (benthic zone) වශයෙනි. පෙලැජික් කලාපය යනු ජීවය පැවතිය හැකි විවෘත ජල තලයයි. බෙන්තික කලාපය යනු සාගරය එසේම සාගරය ගැඹුර අනුව කොටස් පහකට බෙදා ඇත්තේ එපිපෙලැජික් කලාපය – Epipelagic zone ( මීටර් 0 – මීටර් 200 දක්වා), මෙසොපෙලැජික් කලාපය – Mesopelagic zone ( මීටර් 200 – මීටර් 1000 දක්වා), බැතිපෙලැජික් කලාපය – Bathypelagic zone ( මීටර් 1000 – මීටර් 4000 දක්වා), බැතිපෙලැජික් කලාපය – Bathypelagic zone ( මීටර් 4000 – මීටර් 6000 දක්වා), හැඩෝපෙලාජික් කලාපය – Bathypelagic zone ( මීටර් 6,000 ට අඩු ගැඹුරු අගල් මීටර් 11,000 සිට අඩි 36,000 දක්වා ගැඹුර) යනුවෙනි. මෙහි අවසාන කොටස් ත්‍රිත්වයටම සූර්ය කිරණ පතිත වන්නේ නැත.

සයුරු පතුලේ සොයා ගත් ජීවීන් විවිධාකාර වේ. ඔවුන්ගේ ජීවන රටාව එම ගැඹුරු ජල පද්ධතියට අනුව හුරු කරගෙන ඇත්තා සේම ශරීර සැකැස්මද ඊට අනුරූපව සැකසී ඇත. ඔවුන්ගෙන් සමහරෙක් විනිවිද පෙනෙන සිරුරු ඇත්තෝ වෙති. තවත් සමහරෙක් තද අඳුරු ශරීර වලට හිමිකම් කියති. ඉස්සන් හා දැල්ලන් රතු පැහැති ශරීර ඇති බැවින් විලෝපිකයන්නගන් ආරක්ෂා වී සිටිති. මෙම අභ්‍යන්තර කලාපයන්හි ප්‍රභාසංස්ලේෂණය සිදු නොවන බැවින් ඉහළ කලාපවලින් පහලට පැමිණෙන ක්ෂුද්‍ර ජීවීන්, දිරාපත් වන සත්ව හා ශාක කොටස් මත ගැඹුරු කලාපයීය ජලජ ජීවීන් යැපෙති. Sea Cucumbers (ගැඹුරේ වඩාත් සුලභ බෙන්ටික් සත්වයා), ග්‍රෙනේඩියර් හා රැට්ටේල් (Rattail Fish) මාළු ඇතුළත් වේ. මෙහි හග්ෆිෂ් වැනි හකු රහිත මසුන් ඇතුළත් වන අතර ඔවුන් මළකඳන් තුළට රිංගා ඒවා ඉක්මනින් පිටතින් පරිභෝජනය කරයි. ගල්පර් ඊල්ස් වැනි ගැඹුරු මුහුදේ ඇති පෙලැජික් මසුන්ට ඉතා විශාල මුඛයක්, විශාල හකු සහ විශාල හා පුළුල් කළ හැකි ආමාශයන් ඇත. බොහෝ ගැඹුරු මුහුදේ ඇති පෙලැජික් මසුන්ට අතිශයින් දිගු දත් ඇත.

ගැඹුරු මුහුද පරීකෂණය කිරීමේදී අනාවරණය කර ගත් තවත් විශේෂිත කරුණක් වනුවයේ සාගර පත්ලට යාමේදී ගැඹුර සමඟ පීඩනය ඉහල යාමයි. විද්‍යාඥයින්ගේ සොයා ගැනීම් වලට අනුව සෑම මීටර් 10කටම 1 වායුගෝලයක් (atm) බැගින් පීඩනය ඉහල යයි. මීට අමතරව ඉතා ගැඹුරු මුහුදු කලාපයන්හි ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය ඉතා අවම මට්ටමක පවතී. එහෙත් සුළු ජීවීන් ප්‍රමාණයක් වෙසෙන බැවින් එම පද්ධතියේ සමතුලිත බව රඳා පවති. ඔක්සිජන් මුක්ත කලාපයන්ද ගැඹුරු සයුරේ සොයාගෙන ඇත.

සාගර විද්‍යාඥයින් සිදු කරනු ලබන පරීකෂණ වලදී නවීන යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය භාවිතය ඉතා වැදගත්ය. ගැඹුරු සයුරේ අධි පීඩනය හේතු කොට ගෙන එම තත්ත්වයන්ට උචිත නවීන තාක්ෂණික උපකරණ යොදා ගනී. ගැඹුරු මුහුදේ භූ විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක සාම්පල එකතු කිරීම සඳහා නවීන දත්ත රැස්කිරීමේ උපකරණ සකස් කර ඇත. LED ආලෝකය සහ අඩු ආලෝක කැමරා භාවිතා කරන ෆයිබර් ඔප්ටික්ස් වැනි නිරීක්ෂණ උපකරණ, මිනිසුන් රහිත සබ්මැරීන් රොබෝවරුන්, මිනිසුන්ගේ ගැඹුරු මුහුදේ ගිල්විය හැකි ද්‍රව්‍ය ද සාගරයේ ගැඹුර ගවේෂණය කිරීම සඳහා යොදා ගනී. ඇල්වින් යනු 1964 දී ඉදිකරන ලද ඇමරිකානු ගැඹුරු මුහුදේ ගිල්විය හැකි ය. එය කළු සාගරයේ ගැඹුරට ආලෝකය විහිදුවාලීම සඳහා පසුගිය දශක 4 පුරා පුළුල් ලෙස භාවිතා කර ඇත. ‍2012 වන තෙක් මීටර 11,000 ක් පමණ දුරින් මරියානා අගලේ පතුලට ළඟා වී ඇත්තේ එක් මිනිසුන් සහිත සබ්මැරීන් උපකරණයක් පමණි.

 

චවින්දි නිසංසලා සුදසිංහ